ගෙවුණු දශකය තුළ, ජනවාරි මාසයක ඉපැයූ ඉහළම අපනයන ආදායම, 2026 වසරේ ජනවාරියේ දී ලංකාව උපයා ඇති බව වාර්තා වේ.
ඒ අනුව මේ ජනවාරියේ දී අපනයන හරහා උපයා ඇති ආදායම ඩොලර් බිලියන 1.53 ඉක්මවා තිබේ.
එය පසුගිය වසරේ ජනවාරියේ උපයා ඇති ආදායම හා සසදා බැලීමේ දී 13.7%ක වර්ධනයක් ලෙස දැක්වෙයි.
ජනවාරියේ මුළු වෙළඳ භාණ්ඩ අපනයනයෙන් උපයා ඇති ආදායම ඩොලර් බිලියන 1.16 ක් වන අතර සේවා අපනයනයෙන් උපයා ඇති ආදායම ඩොලර් මිලියන 367.55 කි.
මෙම අපනයන ආදායම් ඉහළ යාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ දක්වා තිබුණේ මෙවැනි අදහසකි.
“2026 ජනවාරි මාසයේ සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,552ක ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. ගිය වසරට සාපේක්ෂව 13.7ක වර්ධනයක් එහිදී විශේෂයෙන්ම වෙළෙඳ භාණ්ඩ ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,165ක ප්‍රමාණයකුත් එහිදී විශේෂයෙන්ම ගිය වසරට සාපේක්ෂව 10.5% වර්ධනයක්, සේවා අංශයේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 367ක ප්‍රමාණයකිනුත් වර්ධනය වෙලා තියෙනවා. ගිය වසරට සාපේක්ෂව අපි දකිනවා 24.5% වර්ධනයක්. සමස්තයක් ලෙස ගත්විට ගිය වසරේ ජනවාරි මාසයට වඩා 2026 ජනවාරි මාසයේ අපනයන කාර්ය සාදනය 13.7% කින් වාර්ධනවෙලා. එහිදී විශේෂයෙන් කැපීපෙන අපනයන ක්ෂේත්‍රය වන්නේ තේ, පොල්, රබර්, ආහාර හා පාන වර්ග ඉලෙක්ට්‍රිකල්, ඉලෙක්ට්‍රොනික්, එළවළු, පළතුරු, මුහුදු ආහාර, විශේෂයෙන් කැපී පෙනෙවා වෙළෙඳ භාණ්ඩ. ඒ වගේම සේවා අංශය පැත්තෙන් ගත්තොත් තොරතුරු තාක්ෂණය.”





