/ Jan 07, 2026

දිස්ත්‍රික්ක දෙකකට නාය යාමේ රතු නිවේදන!

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක දෙකක ස්ථාන තුනක් සඳහා ඉවත් වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්යේ උඩුදුම්බර, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න සහ වලපනේ යන ස්ථාන වෙත මෙම රතු නිවේදනය බලපැවැත්වේ.

මෙම නිවේදනය අද (06) දහවල් 12ට නිකුත් කර ඇති අතර එය ඉදිරි පැය 24 සඳහා වලංගු වේ.

මේ අතර දිස්ත්‍රික්ක තුනක් සඳහා අවදානයෙන් සිටින ලෙස නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, තවත් දිස්ත්‍රික්ක 4ක් සඳහා විමසිලිමත් වෙන ලෙස නායයෑම් අනතුරු අඟවා තිබේ.

එම ප්‍රදේශ පහතින්,

අනතුරු ඇඟවීමේ මට්ටම 3 – ඉවත්වන්න (රතු)

මහනුවර දිස්ත්‍රික්කය
උඩදුම්බර

නුවර එළිය දිස්ත්‍රික්කය
නිල්දණ්ඩාහින්න
⁠වලපනේ

අනතුරු ඇඟවීමේ මට්ටම 2- අවදානයෙන් සිටින්න

බදුල්ල දිස්ත්‍රික්කය
කන්දකැටිය

මාතලේ දිස්ත්‍රික්කය
විල්ගමුව

නුවරඑළිය දිස්ත්‍රික්කය
හගුරන්කෙත
⁠මතුරට

අනතුරු ඇඟවීමේ මට්ටම 1- විමසිලිමත් වන්න

බදුල්ල දිස්ත්‍රික්කය
බදුල්ල
⁠හාළිඇළ
පස්සර
ලුණුගල
වැලිමඩ
⁠මීගහකිවුල

මහනුවර දිස්ත්‍රික්කය
දොළුව⁠

මාතලේ දිස්ත්‍රික්කය
අඹන්ගග කෝරළය

මොනරාගල දිස්ත්‍රික්කය
බිබිල

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top