/ Dec 17, 2025

දිස්ත්‍රික්ක හතරකට තවදුරටත් නාය යෑමේ රතු නිවේදන!

අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 04ක් සඳහා තවදුරටත් නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ හතරලියද්ද, යටිනුවර, උඩුදුම්බර, පාතහේවාහැට, මැදදුම්බර, පස්බාගේ කෝරලේ, දෙල්තොට, පූජාපිටිය, ගඟ ඉහළ කෝරළය, පන්විල, ගඟවට කෝරළය, උඩපළාත, හාරිස්පත්තුව, කුණ්ඩසාලේ, මිනිපේ, දොළුව, තුම්පනේ, අකුරණ, උඩුනුවර සහ පාතදුම්බර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ.

එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල, ගලිගමුව, මාවනැල්ල, බුලත්කොහුපිටිය, අරණායක, යටියන්තොට, රඹුක්කන සහ වරකාපොළ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර ඇත.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම, මල්ලවපිටිය සහ රිදීගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද නායයෑමේ රතු නිවේදන නිකුත් කර ඇති අතර මාතලේ දිස්ත්‍රික්කයේ නාඋල, විල්ගමුව, පල්ලෙපොල, අඹන්ගඟ කෝරළය, ලග්ගල පල්ලේගම, උකුවෙල, රත්තොට, මාතලේ සහ යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද නායයෑමේ රතු නිවේදන නිකුත් කර ඇත.

මේ අතර දිස්ත්‍රික්ක 5ක් සඳහා නායයෑම් අවදානම් නිවේදන නිකුත් කර තිබෙන අතර එම ප්‍රදේශවල ජනතාව සැලකිල්ලෙන් පසුවිය යුතු වෙයි.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ, ඌව පරණගම, මීගහකිවුල, බදුල්ල, කන්දකැටිය, බණ්ඩාරවෙල, ස්වරණාතොට, හාලිඇළ, ඇල්ල, ලුණුගල, වැලිමඩ, හපුතලේ, පස්සර සහ හල්දුම්මුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, රුවන්වැල්ල සහ දැරණියගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලව්ව සහ පොල්ගහවෙල, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව කෝරළය, හඟුරන්කෙත, මතුරට, නෝර්වුඩ්, කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, තලවාකැලේ, නුවරඑළිය, නිල්දණ්ඩාහින්න, හලපනේ සහ කොත්මලේ උතුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කහවත්ත, කොලොන්න සහ ගොඩකවෙල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නායයෑම් අවදානම් මට්ටමේ අනතුරු ඇඟවීම් සිදුකර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top