බස් ගාස්තුව 2%කින් අඩු කිරීමට පියවර ගන්නා බව රජය විසින් අද (25) බස් සංගම් වෙත දැනුම් දී ඇත.
ප්‍රවාහන අමාත්‍යාංශයේ බලධාරීන් සහ බස් සංගම් අතර අද පස්වරුවේ පැවැති සාකච්ඡාවක් අතරතුර මේ බව දැනුම්දුන් බව සඳහන්.
ජුලි 01 වැනිදා සිදුකිරීමට නියමිතට වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව පවත්වා තිබේ.
කෙසේවෙතත් රජයේ යෝජනාවට බස් සංගම් සිය අකමැත්ත පළකර ඇති බවයි වාර්තා වන්නේ.