සෞඛ්‍ය සහ අධ්‍යාපනයට ලබා දී ඇති නුසුදුසුකම ඉවත් කර මූලික අයිතිවාසිකම් ලෙස සවිබල ගැන්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
අප රට උත්තරීතර නීතිය තුළ ප්‍රධාන හා මුලික අයිතිවාසිකම් ලෙස සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ඇතුළත් වුවත් නිදහස් හා නොමිලේ සෞඛ්‍ය මූලික අයිතිවාසිකම් බවට පත් විය යුතු බවයි විපක්ෂ නායකයා පැවසුවේ.
දැනට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වැනි පරිච්ඡේදය හරහා සෞඛ්‍ය හා අධ්‍යාපනය ගැන සදහන් වුවත් ඒවා උල්ලංඝනය වුවහොත් අධිකරණයේ සහාය පැතිය නොහැකි බව හෙතෙම කියා සිටියේය
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (19) විපක්ෂ නායක කාර්යාලයේ දී පැවති රැස්වීමකදීය.
ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහය තුළ සංවරණ හා තුළන තුළ නෛතික ව්‍යූහය තුළ නිදහස් සෞඛ්‍ය මූලික අයිතිවාසිකම් බවට පත්වන විට ජනතාවගේ මූලික අයිතිවාසිකම් ලෙස සෞඛ්‍ය සුරැකෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ප්‍රධාන දර්ශක හරහා අප රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ඉහළ මට්ටමක ඇති බව පෙන්වා දෙන බවත් ආයු අපේක්ෂාව මාතෘ මරණ මරණ අනුපාතය සජීවී උපත් ලක්ෂයකට 25.3ත් ළමාමරණ අනුපාතය සජීවි උපත් 1000කට 6ක් බවත් මේ දර්ශක තුළ රටක් ලෙස ඉහළ මට්ටමක ඇති බවට පෙන්වන තවත් දර්ශක ගණනාවක් ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
අප රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ලෝකයේ ගෞරවයට පාත්‍ර වුවත් අද වන විට ගැටලු රැසක් ඇති බවත් දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස ප්‍රමාණවත් මුදලක් වෙන් නොවීම බෝ නොවන කේන්ද්‍රීයව ගැටලු රැසක් නිර්මාණය වීමත් ඉදිරි වසර 25 තුළ වයස 60 වැඩිප්‍රමාණය දෙගුණයකින් වර්ධනය වීම, 50%කම සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණවත් නොවීම යන ගැටලු ද සෞඛ්‍ය වියදම්වලින් 38-40%ක් අතින් වියදම් කරන්න සිදුවීම බරපතල ගැටලුවක් වන විට බුද්ධි ගලනය ඇතුළු මානව සම්පත් ගැටලු ද ඇති බවත් හෙතෙම ප්‍රකාශ කරන ලදී.
සේවා ආවරණය පැත්තෙන් අප සිටින්නේ 67 වැනි ස්ථානයේ වන හෙයින් මූල්‍ය අගහිගතා නිසා සමාජ ආරක්ෂණය නොලැබීම යාම සිදුවන බවද ඔහු පැවසීය.
තිරසර සංවර්ධන ඉලක්ක සමග සංසන්දනය කරන විට බරපතල ඌනතා ගැටලු ඇති බවත් ආයු අපේක්ෂාව 76.9ක සාමාන්‍යක් ඇති නමුත් සමහර රටවල් අප අභිභවා ගොස් ඇති බවත් ජාත්‍යන්තර ආයු අපේක්ෂා ශ්‍රේණිගත කිරීම්වලින් 2020 සිට පහළ බැස ඇති නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් විශේෂිත සැලකිල්ලක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ව හරහා දැක්විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අන්ත ලිබරල්වාදී ක්‍රමයක් සහිත මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වර්තමානයට නොගැලපෙන හෙයින් ලෝකය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ආදිය වෙනස් වන නිසා අප රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනස් විය යුතු බවත් අධ්‍යාපන්‍ය මෙන්ම සෞඛ්‍ය ද මූලික අයිතිවාසිකම් බවට පත් විය යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.





