ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා වූ දේශමාන්‍ය කන්දයියා කෙන් බාලේන්ද්‍ර අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඔහු 84 වන වියේ පසුවිය.
මෙරට ව්‍යාපාරික ලෝකයේ සන්ධිස්ථානයක් ලෙස කෙන් බාලේන්ද්‍ර හැඳින්විය හැකිය.
ජෝන් කීල්ස් සමූහයේ සභාපතිත්වය දරන වකවානුවේ දී එහි පාලිත සමාගම් සියල්ලගේම සභාපතිවරයා ලෙසින් කෙන් බාලේන්ද්‍ර කටයුතු කළ අතර ඊට අමතර ලංකා දුම්කොළ සමාගම, බ්‍රැන්ඩික්ස්, යූනියන් ඇෂුවරන්ස් ඇතුළු සමාගම් ගණනාවකම සභාපති ධූර මෙන්න අධ්‍යක්ෂ ධූර ද හොබවා තිබේ.
කෙන් බාලනේද්‍ර මහතා ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු ද (1998 – 2000) වේ.