විල්පත්තු අභයභූමි කලාපය හරහා අධිවේගී මාර්ගයක් ඉදිකිරීම සම්බන්ධයෙන් තිබූ යෝජනාව ක්‍රියාත්මක නොකරන බවට බලධාරීන් තීරණය කර ඇතැයි නීතිපතිවරයා ඊයේ (07) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
අභයභූමිය හරහා මෙයට පෙරද පාරක් කපා මහා විනාශයක් සිදු කර තිබෙන අතර පසුගිය මැතිවරණ සමයේ ජනපතිවරයා විසින් නැවත මෙම මාර්ගය විවෘත බවට කළ ප්‍රකාශය පරිසරවේදීන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක් විය.
වසර 15කට පමණ පෙර හමුදා මැදිහත්වීමකින් විල්පත්තු අභය භූමිය දෙකඩ කරමින් ඉදිකරනු ලැබූ මෙම මාර්ගය භාවිතා කිරීම අධිකරණය මගින් තහනම් කර දමා තිබුණේ එය නීතිවිරෝධී සහ විල්පත්තු අභයභූමියට හානිකර බැවිනි.