/ Dec 06, 2025

ඉදිරි දින කිහිපය අවදානම් – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් දැනුම් දීමක්!

හෙට දිනයේ සිට නැවත වැසි තත්ත්වයේ වැඩි වීමක් සිදුවන හෙයින් අවධානයෙන් පසුවෙන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පවසන්නේ වර්ෂා සහිත කාළගුණය හේතුවෙන් ඉදිරි දින කිහිපය අවදානම් බවයි.

කෙසේවෙතත් ඕනෑම ආපදා තත්ත්වයකට මුහුණ දීමට හැකි බවද කොඩිප්පිලි මහතා කියා සිටියි.

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළද ඕනෑම අපදා තත්ත්වයකදී දැනුම් දීම සඳහා ඔපහසුකම සලසා තිබෙන අතර අවහිරයකින් තොරව දරුවනට විභාග මධ්‍යස්ථාන කරා යාමට අවශ්‍ය පහසුකම්ද සැලසීම සිදුකරනු ලබයි.

ඕනෑම ආපදා අවස්ථාවකදී 117 අංකය අමතා අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහය ලබා ගත අතර අනාරක්ෂිත ස්ථාන වෙත යාමෙන්, දිය නැමෙන වලකින ලෙසද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top