/ Jan 23, 2026

රොහාන් ජයවික්‍රම සමඟිය අතහරි!

වැලිගම හිටපු නගරාධිපති, සමගි ජන බලවේගයේ වැලිගම ආසන සංවිධායක මෙන්ම සමගි තරුණ බලවේගයේ උපසභාපතිවරයකු ද වූ රෙහාන් ජයවික්‍රම සමගි ජන බලවේගයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඔහු සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත ලිඛිත දැනුම් දීමක් සිදුකර ඇත.

තම හෘදසාක්ෂිය සහ පක්ෂයේ වත්මන් ගමන් මග අතර දැඩි දෘෂ්ටිමය විෂමතාවක් නිර්මාණය වී ඇති හෙයින් තමන් මෙම තීරණයට එළඹුණු බවත් පක්ෂය කෙරෙහි ඇති බැදීම අභිබවා දේශය කෙරෙහි ඇති වගකීම ඉස්මතු වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවත් ඔහු සිය අල්ලා අස්වීමේ ලිපියේ සදහන් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top