/ Dec 06, 2025

නාමල්ගේ පාර්ලිමේන්තු බලය උඩ යයි : රෝහිත ඇතුළු 20ක් ආපසු එයි!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව සිටි ප්‍රබලයන් 20කට අධික පිරිසක් ජනවාරි මස සිට නැවතත් එම පක්ෂයට එකතුවන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසයි.

මේ පිරිස අතර හිටපු මන්ත්‍රීවරු සහ අමාත්‍යවරු විශාල පිරිසක් සිටින බව සඳහන්. තමන් අනිවාර්යෙන් පක්ෂය සමඟ එක්වන බවත් ඒ සඳහා මේ දිනවල සාකච්ඡා පවත්වමින් සිටින බවත් ඔහු කියයි.

හිටපු ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි, රමේෂ් පතිරණ, චින්තක මායාදුන්නේ ඇතුළු පිරිසක් මේ අතර වෙතැයි කියති. තමන් සිලින්ඩරය හා එක් වූයේ පාර්ලිමේන්තුව වෙත යෑමට පසුගිය මැතිවරණයේදී තිබුණු සුදුසුම ක්‍රමය එය නිසා බවද ඔහු පවසයි. කෙසේ වෙතත් මේ දිනවල නාමල් රාජපක්ෂ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා සමඟ සාකච්ඡා පවත්වන බවද ඔහු කියා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top