සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේගේ පුත්‍රයා වන රසික විතාන මතුගමදී අත්අඩංගුවට පත් වූයේ නීතිවිරෝධී ලෙස කොටස් එකලස් කරන ලද ජීප් රථයක් භාවිතා කිරීම හේතුවෙනුයි.
පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය විසින් ඔහු මතුගම නගරයේදී සැකකටයුතු ජීප් රථය සමඟ අත්අඩංගුවට ගත් අතර විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ එම ජීප් රථය ඔහු මිලට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ දියණියගෙන් බවයි.
ඇය අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය ඔවුන්ගේ කළුතර නිවස වෙත ගියද සැකකාරිය සහ ඇගේ සැමියා නිවසේ නොසිටි බව වාර්තා වේ.