දැනට මුදල් අමාත්‍යංශ ලේකම් ධුරය දරණ මහින්ද සිරිවර්ධනට සේවාදිගුවක් ලබා දීමට ජනපතිවරා ක්‍රියා කරන බව රජයේ අභ්‍යන්තර තොරතුරු මාර්ග අනාවරණය කරයි.
විශ්‍රාමයාමෙන් පසු ආසියානු සංවර්ධන බැංකුවේ ඉහළ නිලයකට ඔහු නිර්දේශ වී තිබුණ බව වාර්තා විය. කෙසේ වෙතත් තවත් සේවාදිගුවක් සහිතව ඔහුගේ සේවය ලබා ගැනීමට රජය බලාපොරොත්තු වන බවයි පැවසෙන්නේ.
ආර්ථිකය අර්බුද සමයේ 2022 අප්‍රේල් 08 වැනි දින මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යංශයේ ලේකම් ලෙස පත් වූ මහින්ද සිරිවර්ධනට ජනපති රනිල් වික්‍රමසිංහ විසින් සහ ජනපති අනුර කුමාර දිසානායක විසින් නැවත ලේකම් ධුරය ලබා දෙන ලදී.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම ලබා ගැනීම සහ මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට ඔහු සුවිශේෂී දායකත්වයක් දැක්වූ බවට ඇගයීමට ලක්ව තිබේ.
ඇමරිකා එක්සත් ජනපදයේ වැන්ඩබිලට් විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහ ආර්ථික සංවර්ධනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමක් හිමිකරගෙන ඇති මහින්ද සිරිවර්ධන සාර්ව ආර්ථික කළමනාකරණය, සාර්ව ආර්ථික පුරෝකථනය, මුදල් ප්‍රතිපත්තිය, මහබැංකුකරණය, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, රාජ්‍ය ණය කළමනාකරණය, යනාදී විෂය සම්බන්ධයෙන් හසල දැනුමැති ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙක් ලෙස සැලැකේ.
කෙසේ වෙතත් මහින්ද සිරිවර්ධනගේ විශ්‍රාමයෙන් පසු එම තනතුර වෙත පත් කිරීමට සිටි බව කියන වත්මන් ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපෝන්සු සම්බන්ධයෙන් රජයේ සමහර පාර්ශ්වයන් සෑහීමකට පත් නොවෙන බවද ඒ අතර දැනගන්නට ඇත.
රසල් අපොන්සු මේ වනවිට ක්ලීන් ශ්‍රී ලංකා ජනාධිපති කාර්ය සාධක බලකායේ ලේකම් සහ කැඳවුම්කරු වශයෙන් ද කටයුතු කරමින් සිටී. රසල්ගේ ශ්‍රාස්ත්‍රාලීය සුදුසුකම් ගැන සෑහීමකට පත් වෙතත් ඔහුගේ ප්‍රායෝගීක ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් රජයේ සමහර පාර්ශ්වයන් සෑහීමකට පත්ව නැති බවයි පැවසෙන්නේ.
මුලදී ප්‍රබල ව්‍යාපෘතියක් ලෙසින් එළිදැක්වුණු “ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය” මේ වන විට ඇල්මැරුණු ස්වභාවයක් ගෙන තිබීමද රසල්ගේ ලකුණු අඩු වන්නට හේතු වූ බව ආරංචිමාර්ග පවසයි.