ග්‍රාම නිලධාරී ක්ෂේත්‍රයේ ගැටලු රාශියක් ඇති අතර ඔවුන්ගේ සේවා ව්‍යවස්ථාව ගැසට් කළද බලාත්මක කරන ගැසට්ටුවක් නිකුත් කර නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේය.
සේවා ව්‍යවස්ථාවට ග්‍රාම නිලධාරීන්ගේ කාර්යාලගත සහ ක්ෂේත්‍රගත වැටුප් තවමත් ලබා දී නොමැති නිසා ඒ යුතුකම ද ඉටු කරන ලෙසයි විපක්ෂ නායකයා අද (19) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ.
පසුගිය රජය ග්‍රාම නිලධාරීන්ගේ ක්ෂේත්‍ර කටයුතු සදහා මාසික ඉන්ධන ලීටර් 20ක් ලබා දීමට තීරණය කළත් වත්මන් රජයේ මංගල අයවැයෙන් එය කප්පාදු කර ඇති බවත් ඒ යුතුකම ඉටු කරන ලෙසත් බොහෝ ග්‍රාම නිලධාරීන් අස්වැසුමෙන් බැහැර කර ඇති බවත් ප්‍රජා ශක්ති වැඩසටහනේදී පවා ග්‍රාම නිලධාරින් පැත්තකට දමා ජවිපේ සාමාජිකයන් මූලික කර ඇති බවත් ඔහු කියා සිටියේය.
මේ අතර ත්‍රීකුණාමලයේ සිදු වූ අවාසනාවන්ත සිදුවීම ගැන කතා කිරීමේ දී බුදුදහමට ප්‍රමුඛස්ථානය ලබා දී පෝෂණය කර ප්‍රවර්ධනය කිරිම රටේ උත්තරීතර නීතිය බවත් විවිධ අයට විවිධ මතිමතාන්තර තිබුණත් රටේ උත්තරීතර නීතියට ගරු කළ යුතු බවත් එමෙන්ම අනෙකුත් සියලුම ආගම් සුරක්ෂා වන ආකාරයට නිසි තැන නිසි ආකාරයට සලකන යුගයක් ඇති කළ යුතු බවත් හෙතෙම පැවසීය.
මේ තත්ත්වය තුළ සංහිදියාවට මුල් තැන ලබා දිය යුතු බවයි ඔහු පැවසුවේ.
රටේ නීතිය ක්‍රියාත්මක කිරිම රජයේ වගකීම බවත් විපක්ෂයේ දේශපාලනය රජයෙන් අපේක්ෂා නොකරන බවත් රජයෙන් උත්තර අපේක්ෂා කරන බවත් මේ උත්තර නොදී ජනතාව මංමුලා නොකරන ලෙසට ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.





