විදුලි ගාස්තු 15%කින් වැඩි කිරීම ආණ්ඩුව වෙත ලැබී ඇති ජනවරම පාවාදීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
මැතිවරණ වේදිකාවේදී 33%කින් විදුලි බිල අඩු කරන බව පැවසුවද දැන් ගෙන ඇති මෙම වැඩිකිරීමේ ක්‍රියාමාර්ගය විදුලි පාරිභෝගික ජනතාවගේ අයිතිය අමුඅමුවේ උල්ලංඝනය කිරීමක් බවද විපක්ෂ නායකවරයා කියා සිටී.
කොළඹදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ මාලිමාව ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා නව අයිඑම්එෆ් ගිවිසුමකට ප්‍රවේශ වෙන බව පැවසුවත් හිටපු ජනපතිගේ රජයේ ගිවිසුම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීම නිසා මෙම තත්වයන් උද්ගතව ඇති බවයි.
මෙම තීරණය මගින් දුප්පත් සාමාන්‍ය ජනතාව, වැඩ කරන ජනතාව, කර්මාන්තකරුවන් සහ සංචාරක ක්ෂේත්‍රය පීඩාවට පත් කරන බවයි විපක්ෂ නායකවරයා කියා සිටින්නේ.