/ Nov 13, 2025

සජිත්ගේ අලුත් යෝජනාව!

ලැයිම් කාමරවල සිටින ජනතාව කුඩා තේ වතු හිමියන් ලෙස බලගන්වන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් ඉල්ලා සිටියි.

රටේ ජාතික තේ නිෂ්පාදනයට 60%ක් හෝ ආසන්න ප්‍රමාණයක් කුඩා තේවතු හිමියන් දායකත්වය ලබා දෙන බවත් ඔවුන්ට තේ වතු ඉඩම්වලින් 30%ක් හෝ 40%ක් ඇති බවත් මෙසේ අඩු ඉඩම් ප්‍රමාණයක් ඇති අය විශාල දායකත්වයක් ලබා දෙන විට වැඩි ඉඩම් අයිතියක් ඇති රාජ්‍ය සමාගම් හෝ පෞද්ගලික වතු සමාගම් ලබා දෙන්නේ අඩු දායකත්වයක් බව ප්‍රේමදාස මහතා කියාසිටියි.

ඉදිරියට තේ වගාව ප්‍රවර්ධනය කිරීමේදී වැඩි අවධානයක් යොමුවිය යුත්තේ මහාපරිමාණ තේ වගාවෙන් සම්බන්ධයෙන් නොව අදටත් ලැයිම් කාමරවල දුක් විදින ජනතාව කුඩා තේ වතු හිමියන් බවට පත් කිරීම සම්බන්ධයෙන් බව හෙතෙම අවධාරණය කරයි.

එවැනි ප්‍රාග්ධන ශක්තියක් ලබා දීම හරහා ප්‍රශ්න ගණනාවක් විසඳෙන බවත් නිවසක් මෙන්ම වගාව සදහා ඉඩමක් ද ලැබෙන බවත් එහි දී ඔවුන්ගේ වැටුප් ගැටලුව පවා විසදිය හැකි බවත් විපක්ෂ නායකයා සඳහන් කරයි.

එම නිසා මුඩු ඉඩම් ටික එම පිරිසට ලබා දී කුඩා තේ වතු හිමියන් බහුලව බිහි කරන ලෙස ඉල්ලා සිටින බවයි ඔහු තවදුරටත් පවසන්නේ. විපක්ෂ

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් දක්වා සිටියේ පසුගියදා හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතීත්වයෙන් යුත් පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අදහස් දක්වමිනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top