ලුණු හිඟයට පිළියමක් වශයෙන් ඉන්දියාවෙන් ආනයනය කළ මෙට්‍රික් ටොන් 1,485ක පළමු ලුණු තොගය අද (27) දිවයිනට ගෙනවිත් ඇතැයි වාර්තා වේ.
වසර 15කට පමණ පසුව සාමාන්‍ය පරිභෝජනය සඳහා මෙරටට ලුණු ආනයනය කිරීමට තීරණය කර තිබෙන අතර පසුගිය කාලයේ මෙරටට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය ලුණු කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි සඳහන් වන්නේ.
එම නිසා මෙරට ලුණු පරිභෝජන අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට ප්‍රමාණවත් තරම් ලුණු නොමැතිවූ අතර ඒ හේතුවෙන් ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතියක් ගෙන තිබුණි.
ඒ අනුව පෙබරවාරි 28 වැනි දින දක්වා ඉන්දියාවෙන් ලුණු ආනයනය කිරීමට සැලසුම් කර ඇති බව රජය පවසයි.