/ Sep 01, 2025

හිටපු ජනපති ලේකම්ට CID එන්න වෙන දිනයක්!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ලේකම් සමන් ඒකනායකට අද (01) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු නැතැයි  දැනුම් දී තිබේ.

හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශය පැවසුවේ ඒ මහතාට අද දිනයේ පෙනී නොසිටින ලෙස දැනුම් දුන් බවය.

හිටපු ජනාධිපතිවරයා එංගලන්තයේ සිදුකළ සංචාරයට අදාළව සිදුකරන විමර්ශනය සඳහා ප්‍රකාශයක් ලබාගැනීමට අද පෙරවරු 9ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ඔහුට මීට පෙර දැනුම් දී තිබු අතර සිද්ධියට අදාළව මීට පෙර ද ලේකම්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top