ජනප්‍රිය ගායක සමන් ද සිල්වා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඔහු 68 වැනි වියේ පසු විය. අසනීප තත්වයක් හේතුවෙන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙසේ අභාවයට පත්ව ඇත.
1975 දී පමණ පූර්ණකාලීන ගායන දිවියට පිවිසි සමන් ද සිල්වා, මෙරට ගීත කලාවට සුවිශේෂී දායකත්වයක් එක් කළේ ය. නියරේ පියනගලා, තණනිල්ල දිගේ, හඬවලා සිතක්, පිනිබර සීත යාමෙ, සන්තෝස වෙන්න, රන් රස වාගේ ආදී මහත් ජනප්‍රියත්වයට පත් ගීත ගොන්නක් ගායනා කළේ ය. බටහිර සංගීත ආරට ගැලපෙන හඬක් තිබු ඔහු බයිලා පන්නයේ ගායනා සඳහාද ජනප්‍රියත්වයක් ඉසිළුවේ ය.