/ Oct 18, 2025

මනම්පේරි වමාරයි : සබඳතා පැවැති ඇමැතිලා හෙළි වෙයි!

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාරයේ රඳවා සිටින සම්පත් මනම්පේරිගෙන් බොහෝ තොරතුරු මේ වන විට හෙළිදරව් කරමින් සිටිතැයි වාර්තා වේ.

හිටපු ප්‍රා. සභා මන්ත්‍රී සහ පොලිස් නිලධාරියෙකු වන සම්පත් මනම්පේරි නමැත්තා අත්අඩංගුවට ගනු ලැබුවේ අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට ගන්නා රසායන ද්‍රව්‍ය ඔහුට අයත් ඉඩමක තිබී හමුවීම නිසා ය.

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ රොහාන් ඕලු‍ගල සහ එම කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන්  ක්‍රියාත්මක වන විමර්ශන වෙනුවෙන් ඔහු රැගෙන විත් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කරමින් තිබේ.

කෙසේ වෙතත් මනම්පේරි පවසා ඇත්තේ, බැකෝ සමන්ගේ ඇනැවුමකට අනුව තමන් එම රසායන අඩංගු කන්ටේනර් රැගෙන ආ බවත් ඒවායේ ඇත්තේ මොනවදැයි තමන් නොදැන සිටි බවයි.

එසේම තම ජංගම දුරකතන විනාශ කළේ කරුණු හෙළිදරව් වීමට ඇති ඉඩ නිසා බවද ඔහු පවසා ඇත.

ඔහු බැකෝ සමන් සහ දරූන් නමැත්තා හරහා හඳුනාගත් මන්නාරම ප්‍රදේශයේ කේරල ගංජා ජාවාරම්කරුවෙක් වන ටයිගර් නමැත්තාගේ සහායෙන් බෝට්ටුවක් ආධාරයෙන් ඉන්දියාවට පළා යෑමට ද සැලසුම්කර කර තිබූ බවද අනාවරණය වී ඇත.

කජ්ජා නමැති අය සහ ඔහුගේ දරුවන් දෙදෙනා ඝාතනයට තමන් ලබා දුන් ගිනි අවි යොදාගෙන ඇතැයි යන්න සම්පත් මනම්පේරි නමැත්තා පිළිගෙන තිබේ.

එසේම ඔහු හා සමීප සබඳතා පැවැත්වූ හිටපු ඇමැතිවරුන් ගණනාවක් සම්බන්ධයෙන් සඳහන් වී ඇති අතර මේ සම්බන්ධ වෙනම විමර්ශනයක් සිදු කරමින් සිටින බවද වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top