/ Feb 28, 2026

සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකාර තනතුරෙන් සමුගනී!

මේ දිනවල පැවැත්වෙන විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලියෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන සනත් ජයසූරිය එම ධූරයෙන් ඉවත්වීමට නියමිතයි.

ඒ අනුව විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානයට එරෙහිව පල්ලේකැලේදී අද (28) පැවැත්වෙන තරඟය සනත් ජයසූරිය ප්‍රධාන පුහුණුකාරීත්වය දරන අවසන් තරඟය වෙයි.

මෙවර විස්සයි20 ලෝක කුසලානයෙන් අනතුරුව තමන් ධුරයෙන් ඉවත්වන බවට ජයසූරිය මහතා තරගාවලිය ආරම්භවීමට පෙර සිටම තහවුරුකර තිබූණි.

අදාළ කොන්ත්‍රාත්තු කාලය තවදුරටත් පැවතුණද එම ධුරයේ රැදී සිටීමේ අදහසක් තමන්ට නොමැති බවයි මේ සම්බන්ධයෙන් ඔහු පවසා ඇත්තේ.

2024 ජූලි මාසයේදී ඉන්දියාවට එරෙහි තරගාවලියේදී තාවකාලික පුහුණුකරු ලෙස වගකීම භාරගත් ජයසූරිය, එම වසර අවසානයේදී පූර්ණ කාලීනව ප්‍රධාන පුහුණුකරු ලෙස පත් විය.

ජයසූරියගේ ප්‍රධාන පුහුණුකරු ධුර කාලය තුළ, ශ්‍රී ලංකා කණ්ඩායම සියලුම ආකෘතිවල තරග 74ක් ක්‍රීඩා කර ඇති අතර එහිදී ජයග්‍රහණ 34ක් ලබාගෙන පරාජයන් 38කට මුහුණ දී තිබේ. ජය පරාජයෙන් තොරව තරග 2ක් අවසන් වී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top