/ Mar 04, 2026

සරණ අසරණ වෙයි ද? අල්ලස් නඩුවල තීන්දුව ළඟ එයි!

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිව සිටිමින් අක්‍රමිකතා සිදු කළ බවට හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවරා තිබූ නඩු 4ක තීන්දුව එළැඹෙන අප්‍රේල් මස 30 වැනි දින ලබා දීමට නියමිත බව වාර්තා වේ.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් මණ්ඩලයේ භාවිතය සඳහා කුලී පදනම මත ලබාගත් වාහන අවභාවිතා කිරීමෙන් රජයට පාඩු කිරිමෙන් අල්ලස් පනතේ සඳහන් දූෂණය නමැති වරද කළැයි විත්තිකරුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සරණ ගුණවර්ධන මහතාට එරෙහිව නඩු පවරා තිබිණි. මණ්ඩලය වෙත කුලී පදනම මත වාහන ලබා ගැනීමේදී අක්‍රමිකතා සිදු කළ බවට චෝදනා නගා තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top