කොළඹ යුද හමුදා මූලස්ථානය තුළදී හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වෙත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ “දුර්ගා” නමැති මරාගෙන මැරෙන බෝම්බකරියට ආධාර අනුබල දුන්නේ යැයි චෝදනා ලබා සිටින LTTE සැකකරුවන් තුන්දෙනෙකුට එරෙහිව චෝදනා 230ක් යටතේ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන නඩුව අද (28) කොළඹ මහාධිකරණය හමුවේ විභාගයට ගනු ලැබීය.
ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේදී ය.
එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මාලී කරුණානායකගේ මෙහෙයවීම යටතේ සාක්ෂි සටහන් කරගැනීම සිදුවුණි.
පසුව නඩුව වැඩිදුර විභාගය හෙට (29) දිනය තෙක් කල් තැබීය.
සෙල්වරාසා කිරුභාකරන් හෙවත් මොරිස්, ශන්මුගලිංගම් සූරිය කුමාර් සහ තම්බයියා ප්‍රකාශ් හෙවත් ධනුෂ් යන විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබේ.
2006 වසරේ කොළඹ යුද හමුදා මූලස්ථානය තුළදී එවක හමුදාපති සරත් ෆොන්සේකා වෙත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ලකර ඔහුට බරපතළ තුවාල සිදුකිරීම සහ ඔහුගේ ආරක්ෂකයින් තුන් දෙනෙකු මරා දැමීමට ආධාර අනුබලදීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිපරයා විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම නඩුව ගොනු කර ඇත.