/ Feb 05, 2025

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වේ

scholorship-exam-lankaline

පසුගිය සැප්තැම්බර් 15 වැනි දා පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ WWW.DOENETS.LK හෝ WWW.RESULTS.EXAMS.GOV.LK යන වෙබ් අඩවිය ඔස්සේ ප්‍රතිඵල ලබා ගත හැකි බවයි.

විදුහල්පතිවරුන් වෙත ලබා දී ඇති පරිශීලක නාම හා මුරපද භාවිත කරමින් අද (24) සිට පාසලේ විභාග ප්‍රතිඵල ලේඛන භාගත කිරීමට පහසුකම් සලසා ඇති බව ද විභාග දෙපාර්තමේන්තුව පැවසුවේය.

පසුගිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි අයැදුම්කරුවන් සංඛ්‍යාව 323,900 ක් වන අතර ඉන් කඩඉම් ලකුණින් ඉහළ ලකුණු ලබාගත් සිසුන් සංඛ්‍යාව 51,244 ක් බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top