/ Jul 30, 2025

ජුනි 06 සහ 09 විශේෂ නිවාඩු ලැබෙන පාසල් මෙන්න

මුස්ලිම් බැතිමතුන්ගේ හජ් උත්සවය දිනය එළැඹෙන ජුනි මස 07 වැනි සෙනසුරාදා දිනට යෙදී ඇති බැවින් එළැඹෙන මස 06 සහ 09 වැනි දින සියලුම මුස්ලිම් පාසල් නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

කෙසේවෙතත් එම නිවාඩු දිනය වෙනුවෙන් මැයි මස 26 සඳුදා සහ මැයි 27 වැනි අඟහරුවාදා දින පාසල් පැවැත්විය යුතු බවත් අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේ.

එමෙන්ම 2025 පාසල් වර්ෂයේ මුස්ලිම් පාසල් සඳහා දෙවන වාරය එළැඹෙන මැයි 26 වැනි දින ආරම්භ කෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top