2025 වසරට අදාළ වන උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග සඳහා දින නියම කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව 2025 අ.පො.ස උසස් පෙළ විභාගය එළැඹෙන නොවැම්බර් මස 10 ආරම්භ වී දෙසැම්බර් මස 5 වැනි දින අවසන් වන බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි පවසයි.
එසේ ම මෙම වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගය 2026 වසරේ පෙබරවාරි මස 17 සිට පෙබරවාරි මස 26 වැනිදා දක්වා පැවැත්වීමට ද කටයුතු යොදා තිබේ.