තුන්වැනි වාරයේ අවසන් අදියර සඳහා පාසල් ඇරඹීම දෙසැම්බර් 16 දක්වා කල් දමා ඇති බව වාර්තා වේ. මේ බව අධ්‍යාපන අමාත්‍යංශය ලේකම් නාලක කළුවැව දන්වා තිබේ.
රට තුළ මතුව ඇති ආපදා තත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බව සඳහන් වේ.
මේ අතර උසස් පෙළ විභාගය දින නියමයක් නැතිව කල් දමා ඇත. පාසල් ආරම්භය දෙසැම්බර් 8 සිදු කිරීමට නියමිතව තිබුණි.





