කුරුණෑගල, බුලුවල මහා විද්‍යාලයේ වැඩිමහල් ශ්‍රේණියක සිසුන් පිරිසකගේ පහරකෑමට ලක්ව එම විද්‍යාලයේම ඉගෙනුම ලැබූ 11 ශ්‍රේණියේ පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සැකරලියා වත්ත, හැවන්පොල ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි තිලිණ විරාජ් නැමැති සිසුවෙකි.
ඔහු පසුගිය 16 වැනිදා එම ප්‍රදේශයේම පැවති අලුත් අවුරුදු උත්සවයකට සහභාගි වීම සඳහා නිවසින් පිටත්ව ගොස් තිබුණි.
විරාජ් යන අතරමග රැක සිටි ඔහු පාසලේම මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් පිරිසක් සහ තවත් පිටස්තර පිරිසක් ඔහුට අමානුෂික ලෙස පහර දී තිබුණු අතර පරකෑමෙන් සිසුව සිහිමුර්ඡා වී ඇඳවැටී තිබේ.
පසුව ඔහු කඩිනමින් මාවතගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල මහ රෝහලට මාරුකර යවා ඇත.
පොලිසිය පැවසුවේ ආරක්ෂිත හිස් වැසුම්වලින් සිසුවාගේ හිසට පහර දීම හේතුවෙන් බරපතළ තත්ත්වයෙන් පසු වූ සිසුවා කුරුණෑගල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දින 07 කට ආසන්න කාලයක් ප්‍රතිකාර ලබමින් සිටිය දී ජීවිතක්ෂයට පත් වූ බවයි.
පෞද්ගලික ආරවුලක් මුල්කරගනිමින් මෙම පහර දීම සිදුකර අති බව පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 15 ත් 18 ත් අතර වයස්වල පසුවන ඇරෑපොළ කන්ද හා අඹකෝට්ටේ ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.