මධ්‍යම පළාතේ පිහිටි කිසිදු පාසලකට නායයෑම් අවදානම් සහිත තත්ත්වයක නොමැති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සිදුකළ තක්සේරු පර්යේෂණ වාර්තාවකින් තහවුරු වී තිබේ.
මේ හේතුවෙන් ‘දිට්වා’ සුළි කුණාටුවේ නායයෑමේ බලපෑමට ලක්වූ මධ්‍යම පළාතේ කිසිදු පාසලක් ඉවත්කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතා අවධාරණය කරයි.
කෙසේවෙතත් පාසල්වලට දිවෙන මාර්ග ගිල බැසීමට ලක්ව අබලන් තත්ත්වයේ පවතින් බව හදුනාගෙන ඇති අතර එම මාර්ග කඩිනමින් පිළිසකර කිරීමේ අවශ්‍යතාව පෙන්වා දී තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය, මොරටුව විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයන්හි කණ්ඩායම් 15ක් එක්ව මෙම තක්සේරු වාර්තාව සකස් කර ඇත.





