/ Jul 25, 2025

පාතාලයන්ට හොර පාස්පෝට් හදා දී ලක්ෂ ගණන් ඉපැයූ කල්ලිය සොයයි!

විදේශගතව සැඟව සිටින පාතාල අපරාධකරුවන්ට ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර සකස් කර දී රුපියල් ලක්ෂ ගණනින් මුදල් උපයන ලද ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු සංවිධානාත්මක කණ්ඩායමක පුද්ගලයන් 7 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.

කෙහෙල්බද්දර පද්මේ නමැති පාතාලයාට ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර 3ක් සකස් කර දුන් බව කියන ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකු පසුගියදා අත්අඩංගුවට පත් වූ අතර ඔහු විසින් මෙම කල්ලිය පිළිබඳ තොරතුරු හෙළිදරව් කර තිබේ.

විදේශගතව සිටින පාතාලයන්ගේ ඡායාරූප ඇතුළු විස්තර වට්ස්ඇප් මාර්ගයෙන් ගෙන්වා ගෙන ඔවුන්ට විදේශ ගමන් බලපත්‍ර සකස් කර ඒවා හොර රහසේ ඔවුන් වෙත යැවීමට මෙම කල්ලිය කටයුතු කර විශාල වශයෙන් මුදල් ලබාගෙන ඇතැයි පැවසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top