අධිවේගී මාර්ගවල ගමන් කරනු ලබන සියලු වාහනවල මගීන්ට අද (01) සිට ආසන පටි පැළදීම අනිවාර්ය කර ඇත.
මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සභාපතිවරයා සඳහන් කළේ අදාළ තීරණයට පටහැනිව කටයුතු කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට බලාපොරොත්තු වන බවයි.
කෙසේ වෙතත් ආසන පටි නොමැති ඇතැම් වාහන සඳහා ආසන පටි සවිකර ගැනීමට මාස තුනක සහන කාලයක් ලබාදෙන බවද වාර්තා වේ.