/ Jun 28, 2025

ජූලි 1 සිට බස් රියදුරන්ට සීට් බෙල්ට් නීතිය දැඩි වෙයි

ජුලි මස 01 වනදා සිට ක්‍රියාත්මක වනපරිදි බස් රථවල රියදුරන් ආරක්ෂිත ආසන පටි පැළඳීම අනිවාර්යය කර තිබේ.

ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ඉංජිනේරු පී.ඒ. චන්ද්‍රපාල සඳහන් කළේ, එසේ නොකරන රියදුරන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට සිදුවන බවයි.

මෝටර් රථ පනතේ ප්‍රතිපාදන අනුව 2011 ඔක්තෝබර් මස 01 දින සිට වාහන රියදුරන් ආරක්ෂිත බඳ පටි පැළඳීමේ නීතිය ක්‍රියාත්මක නමුත් බොහෝ රියදුරන් ආරක්ෂිත බඳ පටි නොපැළඳීම හමුවේ දිනෙන් දින රිය අනතුරු ඉහළ යෑමේ තත්ත්වයක් නිරීක්ෂණය වී ඇති බවයි ඔහු පෙන්වාදෙන්නේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top