/ Jun 21, 2025

පිල්ලෙයාන්ට ඇමතීමට උත්සාහ කිරීම: හිටපු ජනපති වෙත රහස් පොලිස් ඇස!

Secret Police eyeing former President!

පුද්ගල අතුරුදන් කිරීමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන දින 90ක් රැඳවුම් භාරයේ තබාගෙන සිටින සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සමඟ දුරකතනයෙන් කතා කිරීමට අවස්ථාවක් ඉල්ලා සිටීම සම්බන්ධයෙන් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගෙන් ප්‍රශ්න කිරීමේ සූදානමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වාර්තා වෙයි.

හිටපු ජනපතිවරයා සිය ආරක්ෂක පොලිස් නිලධාරියෙකු මාර්ගයෙන් අදාළ ඉල්ලීම කර ඇති අතර එය විමර්ශන අංශ ප්‍රතික්ෂේප කර ඇතැයි ද පසුගිය දා වාර්තා විය. කෙසේ වෙතත් මෙම දුරකතන ඇමතුමේ අවශ්‍යතාව ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනම විමර්ශනයක් ආරම්භ කර ඇති බව සඳහන්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top