පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් අභාවප්‍රාප්ත විය.
ස්වර්ණවාහිනී නාලිකාවේ අමාදහර සහ ස්වාධීන රූපවාහිනියේ දොරමණ්ඩලාව ඇතුළු රූපවාහිනී වැඩසටහන් රාශියක ආරාධිත සම්පත්දායකයෙකු ලෙස ඔහු කළ දායකත්වය ප්‍රකට විය.
ප්‍රකට දේශකයෙකු වූ විවිධ දේශන සහ මාධ්‍ය මැදිහත්වීම් නිසා ප්‍රසිද්ධියට පත් වූ අයෙකි. දිගු කලක් අසනීප තත්වයේ සිට පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලැබූ ඔහු මිය යන විට 73 වියේ පසු විය. අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.