බීමත්ව ආරක්ෂිත හිස්වැසුමක්ද නොමැතිව යතුරුපැදියක් පදවන ලදැයි චෝදනා කරමින් අත්අඩංගුවට ගත් අයෙකුට සිහි විසංඥව ඇද වැටෙන තුරු හෙල්මටයෙන් පහරදුන් කළුතර පොලිසියේ සැරයන්වරයෙකුට එරෙහිව ගොනුකර මූලික අයිතිවාසිකම් පෙත්සමකට අනුව අදාළ යතුරුපැදිකරුගේ මූලික අයිතිවාසිකම් කඩව ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.
ඒ අනුව, පෙත්සම්කරු වෙත තමන්ගේ පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂයක් ගෙවන ලෙස සැරයන්වරයාට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය රුපියල් 30000ක වන්දියක් සහ රුපියල් 25000ක නඩු ගාස්තු ගෙවන ලෙස රජයට අද (08) නියෝග කළේ ය.
පාසල් තණතිලි කළමනාකරුවෙකු ලෙස සේවය කරන කළුතර පදිංචි මනෝජ් ශමික විසින් කළුතර පොලිසියේ සැරයන් සමන්ත තුෂාර යන අයට සහ රජයට එදිරිව මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබිණ.