අධිකරණයෙන් පැන පලා යමින් සිටි සැකකරුවෙකු හඹා ගොස් අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයෙකුගේ රාජකාරී පිස්තෝලය හා ජීව උණ්ඩ 10ක් සහිත පතුරන් ගැබ අතුරුදහන්ව ඇතැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් මීගමුව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
මීගමුව පොලීසියට අනියුක්තව සේවය කළ මෙම සැරයන්වරයා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය වෙත රැගෙන ආ සැකකරුවෙකු පලායන අවස්තාවේ ඔහු පසු හඹා ගොස් ඇත.
මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට භාර දීමෙන් අනතුරුව තම ගිනි අවිය පරීක්ෂා කිරීමේ දී එය අස්ථානගතවී ඇති බව අනාවරණය වී ඇත.සැකකරු අත්අඩංගුවට ගත් ස්ථානය පරීක්ෂා කළද එය හමුවී නොමැති හෙයින් මීගමුව මූලස්ථාන පොලීසිය විසින් මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වයි.