/ Jan 09, 2026

වෙනිසියුලාවේ හමුදා කඳවුරු ඉලක්ක කරගෙන ප්‍රහාර මාලාවක්. ප්‍රහාර සඳහා නියෝගය ට්‍රම්ප්ගෙන්!

වෙනිසියුලාවේ අගනුවර වන කැරකස්හි පිපිරීම් කිහිපයක් සිදුවූ අතර එය ප්‍රහාරයක් වන අතර ඒ සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

එරට වේලාවෙන් අද (3) අලුයම 1.50ට පමණ මෙම ප්‍රහාරය එල්ල වී තිබුණු අතර එම ප්‍රහාරවල ඉලක්කය වී ඇත්තේ වෙනිසියුලානු හමුදා කඳවුරු කිහිපයක් බව දැක්වෙයි.

නගර මධ්‍යයේ පිහිටි හමුදා ගුවන්තොටුපළක් වන ලා කාලෝටා සහ ෆුවර්ටේ ටියුනා හි ප්‍රධාන හමුදා කඳවුරු වෙත එම ප්‍රහාර එල්ල වී ඇති බව සඳහන්.

ප්‍රහාර මාලාව හේතුවෙන් විශාල ශබ්ද සහිතව දුම් වළාවකින් අගනුවර වැසී ගොස් තිබේ.

ප්‍රහාර හේතුවෙන් නගරයේ ප්‍රදේශ කිහිපයක විදුලිය පවා විසන්ධි වී ඇති අතර ඉහළ අහසේ ගුවන් යානා පියාසර කරන ආකාරයක්ද දර්ශනය වී ඇත.

මුහුණ දුන් තත්ත්වය සමඟ ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීමට ද වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ විසින් පියවර ගෙන තිබුණි.

වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට එක්සත් ජනපදය විසින් චෝදනා එල්ල කර තිබුණු අතර ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවය තුළ උණුසුම් තත්ත්වයක් පැවතුණි. ඇමරිකාව විසින් සිදුකරන එම චෝදනා ප්‍රතික්ෂේප කරන වෙනිසියුලානු ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව සටන් කිරීම සඳහා එක්සත් ජනපදය සමඟ ගිවිසුමකට එළඹීමටද ප්‍රවේශය ගෙන තිබේ.

කෙසේ වෙතත් පසුගිය සැප්තැම්බර් මාසයේ සිට එක්සත් ජනපදය වෙනිසියුලාව අසල මුහුදේ ගුවන් ප්‍රහාර 20 කට වඩා සිදු කර ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ඒ අනුව අද දින සිදුවූ ප්‍රහාර මාලාවද තමන් දැනුවත් බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලන නිලධාරීන් පවසා ඇත.

කෙසේවෙතත් වෙනිසියුලානු ඉතිහාය තුළද ඔවුන්ට එරෙහි සතුරු බලවේග හමුවේ සටන් වැද ජයග්‍රහණ අත්පත්කරගත් රාජ්‍යයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top