/ Sep 18, 2025

කෝටි හතහමාරක දූෂණ නඩුව : විමල් වීරවංශට දින දෙයි!

වසර 10 කාලයකදී සිය නීත්‍යානුකූල වත්කම්වලින් උපයාගත නොහැකි රුපියල් කෝටි හතහමාරකට අධික මුදල් සහ වත්කම් උපයාගත් බවට ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු ඇමැති විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවරයා ඇති නඩුවේ වැඩිදුර විභාගය ඔක්තෝම්බර් 22 දා පැවැත්වීමට කොළඹ මහාධිකරණය ඊයේ (17) නියෝග කරනු ලැබිණ.

කෙසේ වෙතත්, ඊයේ දින කැඳවූ නඩුව මෙලෙස ඔක්තෝම්බර් මසට දින නියම කෙරුණේ, විත්තිකාර හිටපු ඇමැතිවරයාගේ නීතිඥවරයා තමන්ට නඩුව සම්බන්ධයෙන් නිසි අධ්‍යයනයක් කිරීමට කාලය මඳ වූ බවට කළ ඉල්ලීමක් පිළිගනිමින් මෙසේ දින නියම කෙරුණි.

නෛතික ආදායම අභිබවා රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් අත්පත් කර ගැනීම තුලින් අල්ලස් පණතේ විග්‍රහ කෙරෙන දූෂණය නමැති දඬුවම් ලැබිය හැකි වරදක් කර ඇති බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම දන්වා ඇත්තේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top