ගතවූ පැය 48 තුළ මහනුවර, උඩදුම්බර ප්‍රදේශයට මි.මී 300 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබීමත් සමඟ නායයෑම් කිහිපයක් වාර්තා වී තිබේ.
ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ එම කාලගුණ තත්ත්වය සමඟ උඩදුම්බර, දෙනපිටිය ප්‍රදේශයේ නායයෑමක් සිදුව ඇති බවය.
නායයෑමෙන් නිවාස කිහිපයකට හානි සිදුව ඇති අතර එම නිවාසවල සිටි ජනතාව කඩිනමින් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.
තවද නුවරඑළියට බලපෑ වැසි තත්ත්වය සමඟ රිකිල්ලගස්කඩ ප්‍රදේශයෙන් වලපනේ මාර්ගය නායයෑමක් හේතුවෙන් අවහිර වී ඇති අතර මාතලේ දිස්ත්‍රික්කයට ද මි.මී 100 ඉක්මවු වර්ෂාපතනයක් ඊයේ (18) දිනයේ ලැබී ඇත.
තවත් සුළු නායයෑම් සිදුවීම් කිහිපයක් වාර්තා වී ඇති බව සඳහන්.
කෙසේවෙතත් නැවත වතාවක් රට තුළ හදිසි ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ජනතාවට සහන සැලසීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සුදානමින් සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.





