රට පුරා ස්ථාන කිහිපයක මනුෂ්‍ය ඝාතන සිදුව තිබේ.
දෑත දෙපා ගැට ගසා අයෙකු ඝාතනය කර වෑන් රථයක් කොල්ලකෑමේ සිදුවීමක් වෙන්නපුවෙන් වාර්තා වේ. වෙන්නප්පුව දකුණ උල්හිටියාව ප්‍රදේශයේදී ඊයේ (13) මෙම සිදුවීම සිදුව ඇති අතර මිය ගිය අය වයස අවුරුදු 64ක මාරවිල පදිංචි අයෙකි.
ඉතාලි පවුලකට අයත් නිවසක මුරකරු ලෙස මිය ගිය පුද්ගලයා සේවය කර ඇතැයි සඳහන්.
ඒ අතර ඊයේ දිනයේ ම හොරණ පොලිස් වසමේ දඹර ප්‍රදේශයේදී පහරදීමක් නිසා අයෙකු මරුමුවට පත්ව ඇත. මත්පැන් පානයකින් අනතුරුව ඇති වූ ආරවුලක් දුරදිග ගොස් මෝල්ගසකින් පහරදී ඝාතනය කර ඇති සැකකරු 63 වියැති අයෙකි.
තියුණු ආයුදවලින් පහරදී කෝපායි පොලිස් වසමේ මඩතඩි ප්‍රදේශයේදී ඝාතනයක් සිදුව ඇති අතර සැකකරුවන් සැඟවී සිට මිය ගිය පුද්ගලයා වෙත පහරදී තිබේ. මෙයද පුද්ගලික ආරවුලක් මත සිදුව ඇත.
මීගමුව, කොච්චිකඩේ කම්මල් තොටපල මුහුදු තීරයේ ත්‍රීරෝද රථයක් තුළින් පොලිස් නිලධාරියෙකුගේ පිළිස්සුණු මළසිරුරක් අද (14) සොයා ගනු ලැබ තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් සැරයන් රියදුරකු වන ජයන්ත පුෂ්පකුමාර යන අයයි. 56 වියේ පසුවූ මීගමුවේ ම පදිංචි අයෙකි.
පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.