/ Feb 25, 2026

විපක්ෂයේ කණ්ඩායම් කිහිපයක් රනිල් සමඟ විශේෂ සාකච්ජාවක!

විපක්ෂය නියෝජනය කරන මහජන හඬ ව්‍යාපාරයේ නියෝජිතයන් අද (25) පෙරවරුවේ කොළඹ මල් පාරේ දේශපාලන කාර්යාලයේදී එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් සිදුවිය.

මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්, හිටපු අමාත්‍ය මහින්ද අමරවීර, හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල, හිටපු පා.ම. අසංක නවරත්න, හිටපු පා.ම. ප්‍රේමනාත් සී. දොලවත්ත, ජයන්ත විජේසිංහ, සුගීෂ්වර බණ්ඩාර සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් එහි සභාපති වජිර අබේවර්ධන, මහලේකම් තලතා අතුකෝරල, ජාතික සංවිධායක සාගල රත්නායක යන පිරිස එක්ව සිටියහ.

විපක්ෂය ලෙස පොදු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් මහජන හඬ ව්‍යාපාරය මැදිහත් වෙමින් සිටින අතර පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු කණ්ඩායමද මුණ ගැසිණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top