වේදනානාශක, ප්‍රතිජීවක, අධිරුධිර පීඩන, දියවැඩියා, වකුගඩු ආදී රෝගවලට අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ වර්ග රැසක හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරී සමඟ පවසයි.
එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් කියා සිටියේ, මධ්‍යම ඖෂධ ගබඩාවේ වර්ග 180ක පමණ ඖෂධ වර්ග ප්‍රමාණයක හිඟයක් ඇති බවයි.
පිළිකා රෝගීන්ට ලබා දෙන ඖෂධයක් මාස ගණනාවක් තිස්සෙ හිඟව ඇත. එනිසාවෙන් පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාරවලද සීමා මතුව ඇති බව සංගමය පෙන්වා දේ.
ඖෂධ මෙන් ම වෛද්‍ය සහ ශල්‍ය උපකරණවලද හිඟයක් ඇති බව පැවසූ මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම තත්වය දිනපතා උග්‍ර වන බව පෙන්වා දුන්නේ ය.