මත්කුඩු ජාවාරම්කරුවන් දෙපිරිසක් අතර පවතින ආරවුලක් නිසා වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි වාර්තා වේ. ඒ පානදුර මාලමුල්ල ප්‍රදේශයෙනි.
හිරණ පොලිසිය පවසන්නේ මෙම වෙඩි ප්‍රහාරයෙන් 32 වියැති එක් දරු පියෙකු තුවාල ලබා ඇති බවයි. ඔහු සිය නිවාසේ කාමරයක නිදා සිටියදී මෙම වෙඩි තැබීම සිදු කර ඇත.
වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා පාන්දුර රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ තත්වය බරපතළ නැති බව පැවසේ. මත්කුඩු ජාවාරමක ආරවුලක් මෙයට හේතු වී ඇතැයි මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත.