බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ගෝලීය නැව්ගත කිරීමට ඇති බාධාව අවසන් කිරීම සඳහා ඉරානය යටතේ පවතින හෝර්මුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමේ ජනාධිපති ට්‍රම්ප්ගේ මෙහෙයුම සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකර තිබේ.
ඒ අනුව ඊයේ (15) රාත්‍රියේ එක්සත් රාජධානියේ අගමැති කියර් ස්ටාමා හා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ඒ සම්බන්ධයෙන් දුරකථන සංවාදයක් සිදුව ඇති බව සඳහන්.
කෙසේවෙතත් ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දමා තිබෙන අතර අවසරයකින් තොරව ගමන් ගන්නා නැව් වෙත පහර දෙන බවටද ප්‍රකාශ කර ඇත.
ඒ හේතුවෙන් නාවුක ගමනාගමනය ඇනහිට ඇති අතර ඉරානය සහ ඕමානය අතර පිහිටා ඇති හෝමූස් සමුද්‍ර සන්ධිය, ලෝකයේ වඩාත්ම තීරණාත්මක තෙල් ප්‍රවාහන මාර්ගවලින් එකකි. ගෝලීය තෙල් සැපයුම්වලින් දළ වශයෙන් සියයට 20 ක් ඒ හරහා සිදුකෙරේ.
හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම ඉතිහාසයේ ගෝලීය තෙල් වෙළඳපොළට විශාලතම බාධාවක් එල්ල කර තිබෙන අතර මාර්තු මාසයේදී සැපයුම දිනකට බැරල් මිලියන 8 කින් පමණ හෝ 8% කින් පමණ පහත වැටෙනු ඇති බවට අපේක්ෂා කරන බවයි ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය සඳහන් කරන්නේ.





