/ Jul 25, 2025

කොළඹ පුරපතිකම සජබෙන් ගිලිහෙන ලකුණු!

appointment of the Mayor of Colombo

කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා එජාපය සහ පොදුජන පෙරමුණ සමඟ එක්වීමට සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අකමැත්ත පළ කර ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර තොරතුරු මාර්ග පවසයි.

මේ අවස්ථාවේදී එවැනි සන්ධානයක් සඳහා පිවිස එය සාර්ථක වුවහොත් ඉදිරි මැතිවරණ සඳහාද එක්වීමේ යෝජනා ඉදිරිපත් විය හැකි බැවින් එය ලත් තැනම ලොප් කර දැමීම සඳහා කොළඹ මහනගර සභාවේ බලය අත්හරින්නට සමහර ප්‍රධානින් කැමැති වී ඇතැයි පැවසේ.

කොලඹ මහනගර සභාවේ වැඩිම ආසන හිමි තනි පක්ෂය වන්නේ, ජාතික ජනබලවේගයයි. එහෙත් සභික ධුර සංඛ්‍යාවේ එකතුව අනුව අනෙක් පක්ෂවල පාර්ශ්වය ඉදිරියෙන් සිටී.

කෙසේ වෙතත් අමාත්‍ය නලින්ද ජයතිස්ස පසුගිය දා කැබිනට් මාධ්‍ය හමුව අමතා සඳහන් කළේ, තම පක්ෂය නිසැකවම කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවන බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top