/ Jun 08, 2025

සිරි දළදා වන්දනාවේ දෙවන දිනය අදයි

සිරි දළදා වන්දනාව දෙවන දිනටත් අද (19) දහවල් ආරම්භ කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව, අද දහවල් 12.00 සිට සවස 5:30 දක්වා සැදැහැවතුන්ට දළදා වන්දනාව සඳහා අවස්ථාව හිමි වේ.

දළදා වහන්සේ වැඳපුදා ගැනීම සඳහා අතිවිශාල සැදැහැවතුන් පිරිසක් දිගු පෝලිම්වල රැඳීසිටින බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ අතර සිරි දළදා වන්දනාව සඳහා පැමිණෙන සැදැහැවතුන්ගේ ගමන් පහසුව සඳහා අද දිනයේ ද විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top