/ Jun 18, 2025

පළාත් හයකට සහ දිස්ත්‍රික්ක දෙකකට ප්‍රවේසම් වෙන්න කියයි!

දිවයිනේ පවතින උණුසුම් කාලගුණ තත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර, දකුණ, නැගෙනහිර යන පළාත් මෙන් ම රත්නපුර සහ මොනරාගල යන දිස්ත්‍රික්කවලත් උෂ්ණත්වය සෙල්සියස් අංශක 39ත් 45ත් අතර දක්වා ඉහළ යා හැකි බවයි.

ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් හැකි තරම් සෙවණ ස්ථානවලට වී සිටින ලෙසත් එම නිවේදනයේ දැක්වේ. 

සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් අඳින ලෙසත් අධික වෙහෙසකර කටයුතු සීමා කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනයාගෙන් ඉල්ලා සිටී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top