/ Jun 09, 2025

Breaking; බෙල් 212 අනතුරෙන් මිය ගිය ගණන ඉහළට

Update

May 9, 2025   11:50 am

අද (09) උදෑසන මාදුරුඔය ජලාශයට කඩාවැටුණු හෙලිකොප්ටර් යානා අනතුරෙන් මිය ගිය ගණන 6ක් දක්වා ඉහළ ගොස් තිබේ.

———————————————————————————————————

අද (09) උදෑසන මාදුරුඔය ජලාශයට කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සාමාජිකයින් 5 දෙනෙකු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ ගුවන් හමුදා හෙලිකොප්ටර් භටයින් දෙදෙනෙකු සහ හමුදා විශේෂ බළකායේ භටයින් තිදෙනෙකු බව වාර්තා වේ.

විසිරයෑමේ පෙළපාලියක නිදර්ශනයක් අතරතුර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 7 බලගණයට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානය මාදුරු ඔය ජලාශයට කඩාවැටී තිබුණි.

අනතුර සිදුවන අවස්ථාව වන විට එම යානයේ 12 දෙනෙකු ගමන් කරමින් සිට තිබුණු අතර එහි ගමන්ගත් සියලුදෙනා ගොඩගෙන රෝහල්ගත කර තිබුණත් සෙබළුන් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top