අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට එරෙහිව ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවට මහජන අත්සන් ලබාගැනීම අද (10) දිනයේ ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පවසයි.
ඒ හරහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ජනතා විරෝධය පෙන්නුම් කිරිම කටයුතු කරන බවයි.
6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ නුසුදුසු වෙබ් කේතයක් සඳහන් වී තිබෙමේ සිද්ධියත් සමඟ සමස්ත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියටම විපක්ෂය විසින් විරෝධය දක්වමින් පසුවෙයි.
ඔවුන් බල කර සිටින්නේ අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අගමැතිවරිය සිය ඇමති ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.
ප්‍රස්තුත කාරණය වෙනුවෙන් අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය මට්ටමින් අභ්‍යන්තර විමර්ශනයක් හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්ද විමර්ශනයක් සිදුකරමින් තිබෙන පසුබිමක විපක්ෂය විසින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් විරෝධය දක්වමින් සිටියි.





