ඊහේ (20) දිනයේදී දකුණු මුුහුදු තීරයේදී අත්අඩංගුවට ගෙන තංගල්ල ධීවර වරායට ගෙනා බහුදින ධීවර යාත්‍රාවේ තිබුණු අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයට අදාළව සමගි ජනබලවේගය පක්ෂයේ ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එම යාත්‍රාව සෝදිසි කිරීමේදී, පාර්සල් 18ක් තුළ අසුරා තිබූ අයිස් කිලෝග්‍රෑම් 200ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 100ක් පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි විය. මෙම මත්ද්‍රව්‍ය තොගය සමග තිබී රිවෝල් වරයක් සහ පිස්තෝලයක් හා මැගසින් දෙකක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
පන්නල ප්‍රාදේශීය සභාව වෙනුවෙන් සඳලංකාව කොට්ඨාසයෙන් පසුගිය පළාත් පාලන මැතිවරණයට තරඟ කළ වසන්ත ජයකොඩි නම් පුද්ගලයා මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.





