සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරුන් කිහිපදෙනෙකු පසුගියදා එම ධුරවලින් ඉල්ලා අස්වීමත් සමඟ එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් දැඩි තීරණයක් ගෙන තිබේ.
කුමන ගැටලු පැවතිය ද පක්ෂයේ තීරණවලට එකඟ වියයුතු බවත් එම තීරණවලට අනුව කටයුතු කිරීමට පක්ෂයේ සියලු සාමාජිකයින්ගේ වගකීම බව ද සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයන් පෙන්වාදෙයි.
බණ්ඩාරවෙල ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි, හොරොව්පොතාන ආසන සංවිධායක අනුර බුද්ධික, දඹුල්ල ආසන සංවිධායක නීතීඥ චම්පක විජේරත්න, රත්තොට ආසන සංවිධායක හා නියෝජ්‍ය ජාතික සංවිධායක වූ රංජිත් අලුවිහාරේ, නුවරඑළිය දිස්ත්‍රික් සම සංවිධායක අනගිපුර අශෝක සේපාල, ගාල්ල ආසන සංවිධායක බන්දුලාල් බණ්ඩාරිගොඩ යන පිරිස් මෙලෙස සිය සංවිධායක තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබුණි.
පළාත් පාලන මැතිවරණයෙන් පසු එම පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයින් පත් කිරීමේ දී මතුවී ඇති ගැටළුකාරී තත්ත්වයක් හේතුවෙන් මෙලෙස එම සංවිධායකවරුන් සිය තනතුරින් මෙලෙස ඉල්ලා අස්වීමට තීරණය කර තිබූ බවයි වාර්තා වන්නේ.
මේ වනවිට පළාත් පාලන ආයතන සඳහා සමගි ජන බලවේගයේ නියෝජිතයින් පත් කරගැනීමේ අර්බුදය උඩුදුවමින් පවතින අතර ඒ සම්බන්ධව තවත් ආසන සංවිධායකවරුන් රැසක් පක්ෂ නායකත්වය ගනු ලැබූ තීරණ හේතුවෙන් දැඩි කළකිරීමට පත්වී ඇතැයි ද අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග පවසයි.